සුභ සාධන සංවිධාන


ග්‍රාමීය සුභ සාධන සංවිධාන.
  • මහකුඹුක්වැව අවමංගල්‍යාධාර සමිතිය.


    අරමුණ :- ගම්වාසීන්ගේ සාමූහික දියුණුව , මරණයක් සිදුවූ විට එහි කටයුතු සාර්ථකව කිරීම හා ඒ වෙනුවෙන් මුදල් ආධාර කිරීම සහ මරණයක් සුදුවූ පවුලේ අයගේ ඉල්ලීම මත දෙන ලබන මුදලට සමාන භාන්ඩ හෝ උපකරණ සපයා දීම.

    මෙම අරමුණ ඉටුකර ගැණිමේ අරමුනින් මහකුඹුක්වැව අවමංගල්‍යාධාර සමිතිය ආරමිභ කරනු ලබන්නේ 1956 වර්ශයේදී සාමාජිකයින් 15 දෙනෙකුගෙන්ය. මුල් කාල වකවානුව තුල සාමාජික මුදල් වශයෙන් සත 25 ක මුදලක් එකතුකරනු ලැබූ අතර එම කාල වකවානුව තුලදී අවමංගල්‍යයක් සිදුවු විට ගෙවීම් වශයෙන් රු 100.00 මුදලක් ලබා දී ඇත.

    ක්‍රමයෙන් සමාජ පසුබිම හා පවුල් සංඛ්‍යාව වර්ධනය වීමක් සමග සමිතියේ සාමාජිකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වත්ම ක්‍රමවත් කිරීම අරමුණු කොට ගෙන සිටළුම සාමාජික මහතුන්ගේ සහයෝගය ඇතිව ව්‍යවස්ථා මාලාවක් නිර්මාණය කර ගනු ලැබීය.

    එම ව්‍යවස්ථාමාලාව ඒ ඒ කාල වකවානු්ට ගැලපෙන අයුරින් නව සංශෝධන එකතුකර ගනිමින් අද වන විට ඉතා සාර්ථක අයුරින් අවමංගල්‍යාධාර සමිතියේ කටයුතු සිදු කරගනු ලබයි. නුතන ව්‍යවස්ථාමාලාව අවසන් වරට සංශොධනය වන්නේ 2010 වර්ශයේය.

    නමුත් අද වන විට මෙම ව්‍යවස්ථාව සමග සාමාජික ගැටළු පරස්පර නිසාවෙන් මෙම වර්ෂයේ ව්‍යවස්ථා සමිපාදක මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථා සංශෝධන යොජනාවන් විශ්ලේශනය කොට ගනිමින් පවතී.
    අප සමිතිය
    . සභාපති / උප සභාපති
    . ලේකම් / උප ලේකම්
    . භාන්ඩාගාරික
    . ණය අලෙව් කළමණාකරු
    . ගනන් පරීක්ෂක
    . කාරක සභා නිළධාරීන් 06
    . භාන්ඩ නිකුත්කිරීමේ නිළධාරීන්
    . භාන්ඩ එකතු කිරීමේ නිළධාරීන් 06
    . විදුලි / ශබිදවිකාශණ යන්ත්‍ර ක්‍රියාකරු 02

    යන ආකාරයට නිළධාරීන් සමන්විත වන්නේය.

    සාමාජික පවුල් 271 දෙනකුගෙන් නුතන අවමංගල්‍යාධාර සමිතිය සමන්විත වන්නේය. දැනට මාසිකව සාමාජික මුදල් වශයෙන් රු 15.00 මුදලක් අය කරගන් ලබන අතර අවමංල්‍යයකදී රු 52000.00 ක මුදලක් ගෙවිම් කරනු ලැබේ.

    අවමංගල්‍යයක් සිදුවු අවස්ථාවේ පටන් අවසන් කටයුතු සිදුකරනු ලබන තෙක් සමිත්ය මගින් සිය වැඩ කොටස් ක්‍රියාත්මක කරනු ලබයි. විශේෂයෙන්ම සඋම පවුල් ඒකකයක් තුලින්ම හාල් සේරු 01 , පොල් ගෙඩි 01, හා රු 05.00 මුදලක් එකතු කරගනු ලබයි. අවසන්කටයුතු සිදුකරන දින සියළුම සමාජික මහතුන් හා මහත්මීන් වෙත් පැවරෙන්නාවු රාජකාරීන් ඉටුකරනු ලබයි. එම කටයුතු සියල්ල අධික්ෂණය කරනු ලබන්නේ නිළධාරී මංඩලය හා කාරක සභික මතුන් විසින්ය.

    අප සමිතිය සිය වත්කම් මගින් 45% ප්‍රමානයක් සාමාජියන් අතර ණය ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබන අතර 3% පොලී අනුපාතයක් යටතේ මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක වන්නේය

     

No comments:

Post a Comment