ඉතිහාසය

ග්‍රාමීය ඉතිහාසය


ගමයි පංන්සලයි වැවයි දාගබයි යන සංකල්පයට පන පොවමින් හෙල අතීතයේ සිට පැවත එන සංකල්පයට  පන දෙමින් අපේ ගම පිහිටා ඇත. පංසලින් හමන්නාවූ සිල් සවද ඔපවත් කරමිනකෛතින් නැගෙන්නාවූ සුවද මුසු කරමින් වැවේ ඇතිවන්නාවූ රල ද්වණියට මුසු මගේ ගම ඉතා රමණිය වන්නේය.


 අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පරිපාලන මායිම වන අතර අංක 222 තුලානයට අයත් අප ගම මහකුඹුක්වැවය.

අප ගම නැගෙනහිරින් ඇතාවඅටුණුවැව ග්‍රාමයටත් , බස්නාහිරින් පාලිප්පොතාන ග්‍රාමයටත් , උතුරින් රත්මල්ගහවැව ග්‍රාමයටත් , දකුණින් නෙළුගොල්ලාකඩ ග්‍රාමයටත් මායිම්ව පවතී. ගොවිතැන ජීවන උපාය කොටගෙන ජීවිකාව ගෙනයන ජනයා මනා සංයමයකින් යුක්තව කටයුතු කරනු ලබයි.
ග්‍රාමීය ඉතිහාසය ගත් කල හෙල රජ දවස දක්වා දිවයන බවට ජනප්‍රවාදයේ සදහන් වන්නේය. භාතිය රජ දවස ඉදිකරනු ලැබූ විහාර මන්දිරයත් , වලගමිබාරජ දවස ඉදි කරන ලද විහාර මන්දරයත් මේ සදහා සාක්ෂි සපයනු ලබයි. තවද විහාරමහාදේවී විසු ගම්මානයන් අතුරින් අප ග්‍රාමයේද විසු බවට ඉතිහාස ප්‍රරාවෘක්තයන් සදහන් කරයි. එම දේවින් වහන්සේ වෙන්වෙන් ඉදි කරනු ලැබූ වෙහෙරක් අද ද අපට දැකිය හැකිය.
ගොවිතැන ජීවන උපය කොටගෙන් ජීවත් වන්නාවූ එකල අප ගම් වසියන් පිළිබද එකල විසු ලේඛකයන් විසින් සිය පොත් තුලද සදහන් කරන්නේ මේ ආකාරයටය.

කහටගස්දිගිලිය සිට රත්මල්ගහවැව හරහා මැදවච්චියට යන මාර්ගයේ කහටගස්දිගිලියේ සිට සැතපුම් 05 පමන ගිය තැන මහකුඹුක්වැව හමුවේ. අනදහාමීගේ ගම එයයි. අනදහාමී මුළු රජරට දීම හමු වූ සියළුම මිනිසුන්ට වඩා හාත්පසින්ම වෙනස් චරිත ස්භාවයක් ඇති ශ්‍රේෂ්ඨ ගැමියෙක්. මට මුනගැහෙන විටත් ඔහුගේ වයස අවුරුදු 65 ක් පමණ විය......... “
ආයිබෝවං . මේ හොරොවිපොතානේ ඩියාරෝ තොමා වෙන්ටැති “
ඔවු ඒ මම තමයි. මුනුනැහේ කවුද ? “
මම මහකුඹුක්වැව ගොවි කාරක සභාවේ සභාපති. නම අනදහාමී “
( උපුටාගැණිම - .පී..ගුණසේකර මහතාගේ “ හොරොවිපොතානේ පළවෙන් ඩීයාරෝ “ )


අනදහාමි යනු මහකුඹුක්වැව සිටි ශ්‍රේෂඨ ගොවි මහතෙකි. හෙතෙම 1965 – 1970 ඩඩිලි සේනානායක මහතාගේ අවධියේදී කෘෂිකර්මාන්ත සංග්‍රාම සමයේදී ගොවි රජා බවට පත්වු ගොවියෙකි. අද දිනය වන විටත් මඩිහේ පංඥාසීහ නාහිමියන් විසින් ඒ මහතා හට පරිත්‍යාගකරන ලද අත් ටැක්ටරය දැකගත් හැකිය.





පරිපාලනමය කටයුතු සාර්ථක අයිරින් සිදු කිරීම අරමුණු කොටගෙන කහටගස්දිගිලිය ඩියාරෝකොට්ඨාශය යටතේ අංක 222 තුලාන යටතේ අප ගම සමන්විත විය. ඒ දින සිට මේ දක්වා අප ගම තුල රාජකාරී කටයුතු සිදුකරනු ලැබූ ග්‍රාම නිළධාරී මහතුන් බොහෝය.
නිළධාරියාගේ නම
තනතුර
සේවය කල වර්ෂය



















තවද ගාමයේ සියළුම දෙනාගේ සුභසාධන කටයුතු සදහා අප ගම තුග ඇත අතිතයේ සිට විවිධ ස්වේජ්ජා සංවිධානයන් පිහිටුවා ගන්නා ලදි. ඒ අනුව 1970 කාල වකවානුවේදී සාමාජිකයන් 15 පිරිවරාගෙන ආරම්භ කරනු ලැබූ “ මහකුඹුක්වැවඅවමංගල්‍යාධාර සමිතිය අද වන විට තරනු ජවයෙන් ඉදිරියට ඇදි යන සාර්ථක ස්වේජ්ජා සංවිධානයකි. දැනට මෙහි සිටින මුළු සාමාජික සඛ්‍යාව 265 ආසන්නය.
ශාසනික උන්නතිය අරමුණු කොටගනිම්න් “විහාරස්ථ කාර්ය සාධනසමිතිය නමින් විහා ර සංවර්ධන සමිතියක් ආරමිභ කරනු ලබන්නේ විහාරස්ථානයේ එවකට වැඩ විසු කල්කන්චියේ ගුණරතන ස්ථවිරයන් වහන්සේගේ මග පෙන්වීම යටතේය.
මෙම සංවිධානයේ මග යමින් පසු කාලිනව “එක්සත්ප්‍රජා සුභසාධනසමිතිය ආරමිභ කරනු ලබයි. තවද 2001 දි අප තුලානයේ සිටින සියළුම දෙනාගේ ජල අවශ්‍යතා සංසිදවීම සදහා “ වජිර ප්‍රජාමූල සවිධානය බිහිවන් ලබයි. ග්‍රාමයේ ජල ගැටළුව සදහා පිලියමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ආරමිභ කරනු ලබන අතර අදි වන විට අප ග්‍රාමයේ සැම පවුල් ඒකකයක්ම මේ සදහා දායක වී ඇත.
නුතනය වන විට ළදරු දරුවාගේ මුල්ළමාවිය සංවර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් 2011 වර්ශයේ පටන් “ දිමුතු පෙර පාසල “(link) නමින් පෙර පාසලක් ආරමිභ කරන්නේ ග්‍රාමයේ ළමා පරපුරේ ආනාගතය සාර්ථක කරගැණිම සදහා කරනු ලබන මෙහෙයක් ලෙසය.
වසර 30 පුරාවට අප රටේ පැවැති මිලේච්ච ත්‍රස්ත්‍රවාදී යුගය අවසන් කිරීම සදහා යුග පුරුෂයන් දායාද කල ග්‍රාමයක් වශයෙන් අප ගාමයද හැදින්විය හැකිය. මේ සා සුවිශාල අරමුනක් සාත්සාත් කරලීමේ අරමුණින් යුධ බිමේදි දස්කමි විසකම් පෑ රණවිරුවන් අති මහත්ය. ඒ අතුරින් ජීවිත පරදුවට තබමින් යුධබිම දෙවනත්කල අප ග්‍රාමයේ රණවිරුවන් මෙසේ දිග හැරිය හැකිය.




නිළධාරියාගේ නම
තනතුර
මියගිය දිනය
සේවය කල ස්ථානය

























රණවිරැවානනී ඔබ අප හැරදමා ගියා නෙව අපගේ උරුමය රුකදිම සදහා ඔබ කැපවිය.

No comments:

Post a Comment