ශාසන ඉතිහාසය





 ශාසන ඉතිහාසය.

වම් දිශාවට දිවෙන කුඩා ගුරු පාරකි. ගම කෙලවරේහි පසෙක වෙල්යායකුත් අනිත් පෙදෙසින් සුදු නෙළුමින් පිරී “ කුඩා වැව “ නම්වූ වැවි පොඩිත්තකුත් ඇත. ඉන් අනුතුරුව පිහිටි විහාර භූමිය වටවී ඇත්තේ කි.මී 12 ක් හොරොවිපොතාන දක්වා දිවෙන බිහිසුනු වන සතුන්ගෙන් සපිරි ගන වනාන්තරයකි. වර්ග අඩි 100 ක් පමන උසින් කදුගැටයක මුදුනේ පිහිටි චෛත්‍ය අද අභාවයට ගොස් ඇත. අද දවස වන විට එම ස්ථානයේ නව විහාර මන්දිරයක් ඉදි කරමින් පවතී. විහාරමහදේවින් වහන්සේ විසු ගමි වශයෙන් ජනප්‍රවාදයට මුසුවන අප ග්‍රාමය වලගම්බා රජ දවස ආරමිභ වූවායැයි එක්තරා ජනප්‍රවාදයේ එන්නාවූ මතයකි. තරමක් දුර කැලයට ගමන් කල විට භාතිය රජ දවස ඉදිකල පැරණි විහාර ගෙයි නටබුන් දැකගත හැකිය. රහත්න් වහන්සේලා වැඩ සිටි කටාරම් කොටන ලද කුඩා ගල් ලෙන් සමූහයක්ද අවට පිහිටා ඇත.


වලගමිබා රජ දවස ආරමිභ කරනු ලැබූ මහකුඹුක්වැව රජමහ විහාරස්ථානය නුතනය වන විට විහාරස්ථාන 06 භාරකාරත්වය උසුලනු ලබයි. ඒ අතරට පදවිය රජමහ විහාරස්ථානය , මඩුකන්ද විහාරස්ථානය , ශ්‍රී ආලෝක පබිබතාරාම විහාරස්ථානය , තබලගොල්ලෑව රජමහ විහාරස්ථානය , වත්තේවැව විහාරස්ථානය යන විහාරස්ථානයන්ය.

ජනවහරේ එන පරිදි මින්සකු සතු රාජකාරි කටයුතු සිවුපාවකු විසින් ( පන්සලේ පනිවුඩ පත් අනෙකුත් පන්සල් වෙත ගෙනයාමේ කාර්යය මුගටියකු විසින් ඉටුකල බවට පුරාවෘත්තවල සටහන් වේ.) එදා එලෙස සිදුවන්නට ඇත්තේ අති දුෂ්කරතාවයන්ට පිළියමක් ලෙසින්ය. අත් නවීන ලොවට පා තබා ඇති මිනිසුන් ජීවත්වන්නාවු මෙවන් යුගයක තවමත් මහකුඹුක්වැව රජමහ විහාරස්ථානය එම දුෂ්කරතාවන්ගෙන් නොමිදී තිබීම වාසනාවකට හේතුවක් වන්නේය.
මුල් කාලීනව විහාරස්ථාන සංග පරම්පරාවේ ආරමිභක තෙරුන් වහන්සේ කල්කන්චියේ ගුණරතන ස්ථවිරයන් වහන්සේය. ඉන් අනතුරුව මහකුඹුක්වැවේ වජිරඥාණ ස්ථවීරයන් වහන්සේ අප ග්‍රාමයේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කල ස්ථවීරයන් වහන්සේය. උන් වහන්සේගේ මග යමින් ඊතල්වැටුණුවැව පියරතන ස්ථවීරයන් වහහන්සේද , මුවැඇටගම ඤාණානන්ද ස්ථිවරයන් වහන්සේද , කිරිගල්වැවේ ඥානාලෝක පන්ඩිත ස්ථවිරයන් වහන්සේද , නෙකුටුනුවැව ඥාණරතන යන සංග පරම්පරාවන් අප ගමට දායාද කරනු ලැබීය. උන් වහන්සේ 1996 වර්ශයේ අපවත්වීමත් සමග මුවැඇටගම ඤාණානන්ද ස්ථිවරයන් වහන්සේ මහකුඹුක්වැව රජමහ විහාරස්ථානයේ විහාරාධිපත් වහන්සේ උන් සේක. මෙතැන් පටන් අද දක්වා උන් වහන්සේගේ මග පෙන්විම යටතේ විහාරස්ථාන සංග පරම්පරාව පැවත එන්නේය.

මහකුඹුක්වැව විහාරස්ථානයේ දැකිය හැකි පුරාවිද්‍ය වටිනාකමකින් යුක්ත පැරණි විහාර මන්දිරය අදටත් ඉතිහාසයට සාක්ෂි සපයනු ලබයි. මෙම විහාරයේ කොස් දැවයෙන් නෙලන ලද අඩි 05 පමණ උසකින් යුක් අභය මුද්‍රාව සහිත බුද්ධප්‍රථීමා වහන්සේ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ස්ථානයේදී දැක ගත හැකිය. තවද මෙම පැරණි විහා රමන්දිරය අසල භාතිය රජු විසින් කරනු ලැබුයැයි සැක කරනු ලබන සෙල් ලිපියක්ද දැකිය හැකිය.

අද දවස වන විට අප විහාරස්ථානයේ කදු ගැටය මත ඉතා දිර්ශණිය අයුරින් බුද්ධ මන්දිරයක් ඉදි කරමින් පවත්න අතර ඒ සදහා පිටගැටපෙලක් හා සලපතල මළුවකින්ද යුක්තය. තවද උපෝසතාගාරයක් මේ වන විට ඉදිකරමින් පවත්න අතර ඉන් පළමු අධියර නිම කරමින් පවතී. එම උපෝසතාගාරය සිතුවම් කිරීම සදහා වර්ග අඩි 05 * 05 ප්‍රමානයේ කොටුවක් සදහා මුදලින් රු 15000.00 පමන මුදලක් වැය වන අතර බිම කුඹුක් ලී වලින් නිම කිරීමට අපේක්ෂා කරන අතර ඒ සදහා වැය වන මුදල ලක්ෂ 05 ආසන්න බවට විහාර සංවර්ධන සමිතිය විසින් ඇස්තමෙන්තු ගත කොට ඇත. මෙම මහගු පුන්‍ය කර්මයට ඹබත් දායක වීමට අවස්ථාවක් උදාවී ඇත. ඒ සදහා +94071-2580118 හෝ +940772596518 යන දුරකථන අංකයට දැනුම්දීමෙන් දායක්ත්වය දැරිය හැකිය.

මෙම වසර තුලදී ඉතා සාර්ථක අයුරින් අප ග්‍රාමයේ අසිරිමත් කේෂධාතුන් වහන්සේ ප්‍රදර්ශණයක් පවත්වන් ලැබීය.

තබලගොල්ලෑව රජමහ විහාරයේ සැතපෙන පිළිම වහන්සේ.

No comments:

Post a Comment