කණිෂ්ඨ විද්‍යාලය

මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාලය.

ඡය ගන්න නව ලොව වඩමු නැණ ගුණ අපි සැම”

පාසලේ ඉතිහාසය

/ මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාලය දැනට වසර 60 කට වඩා පැරණි ඉතිහාසයකට උරුම එනම් 1950 වසරේ පුඡ්‍ය ගුණරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද ප්‍රාථමික පාසලකි. 1950 වන විට එම විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව 50 ක් වු අතර ගුරු මණ්ඩලය සියලුම විෂයන් ආවරණය වන පරිදි ගුරු භවතුන් 30 කින් සමන්විත විය. එවකට මහකුඹුක්වැව ,කදුරුගස්කඩ ,ගොනමරුවැව ආදි ප්‍රදේශයන් පෝෂණය වු පාසලකි.1950 සිට මේ දක්වා සිසුන් 20 දෙනෙකු රඡයේ පිළිගත් හා තරඟකාරි විභාගයක් වන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව අනුරාධපුර ඡනප්‍රිය පාසල් කරා ගොස් ඇත.තවද විවිධ රාජ්‍ය හා රාජ්‍යය නොවන ආයතනයන්හි විවිධ තත්වයන් අරමුණු කොටගෙන රුකියා කටයුතු වල නිරත වන්නේය.එවකට මේ පාසල මෙම ප්‍රදේශයේ පැවති දීප්තිමත් පාසලකි.

වර්තමාන තත්ත්වය

2012 වසර වන විට අ/මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාලය වසර ගණනාවකට පසු සිසුන් 15 දෙනෙකුට හා ගුරු භවතුන් 5 දෙනෙකුට සීමා වී ඇත. දැනට මෙම විදුහලේ විදුහල්පති වන්නේ ඡි.වීරසේකර මහතාය.2012 වන විට රඡයේ පුහුණු ගුරු භවතුන් තිදෙනකු හා ස්වේච්ඡා ගුරු භවතුන් දෙදෙනකු සේවය කරනු ලබයි.විදුහලේ දැනට භෞතික සම්පත් ලෙස ගොඩනැඟිලි,ක්‍රීඩා පිට්ටනිය,ක්‍රීඩා උපකරණ ,බුදුමැදුර හා ගුරු නිවාසයකින් ද සමන්විතය.
නව විදුහල්පති ජී.වීරසිංහ මහතා
/ මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාල‍ය, ඡය ගන්න නව ලොව වඩමු නැණ ගුණ අපි සැම” යන උදාරතර ආදර්ශ පාඨ‍යෙන් හා අධ්‍යාපන අරමුණු හා නිපුණතා සංවර්ධනය කිරිමට තිබෙන භෞතික හා මානව සම්පත් ප්‍රයෝඡනයට ගෙන සාක්ෂරතාවය වර්ධනය කර ඡිවිතයේ අභියෝග වලට මුහුණ දිය හැකි ගුණගරුක සමඟි සම්පන්න පුරවැසියන් වීමට අවශ්‍ය මඟ‍පෙන්විම යන මෙහෙවර ප්‍රකාශයෙන් යුක්ත වේ
 

විභවයන්
  • පාසල් ගොඩනැඟිලි - දැනට ප්‍රාථමික පාසලක් ලෙස පාසල් ගොඩනැඟිලි 2ක් ඇත.
  • මාර්ග - ප්‍රධාන මාර්ගයේ / මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාල‍ය පිහිටා තිබීම නිසා ගුරු භවතුන්ට හාසිසුන්ට දුෂ්කරතාවකින් තොරව පාසල වෙත ලඟා විමෙි පහසුව.
  • ඡලය -දැනට නල ළිං මඟින් ඡල පහසුකම් ලබා ගනී.
  • ගුරු නිවාස -ගුරු නිවාසයක් පවතින අතර දැනට එය අබලන් වී ඇත.
  • ක්‍රිඩා පිට්ටනිය - විශාල ඉඩකඩ ඇති පිට්ටනියක් ඇති අතර ක්‍රිඩා උපකරණ ද ඇත.
















ඉලක්ක කණ්ඩායම වන්නේ දැනට පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිටින 2013 වසර සඳහා පාසල් සඳහා ඇතුලත් කිරිමේ අපේක්ෂාවෙන් සිටින සිසුන් නව වසරේ පාසලට ඇතුලත් කිරීම තුලින් අද දිනයේදී පාසල මුහුණ දී ඇති ගැටළුවට පිළියමක් වන්නේය.


2000-2013 වසර දක්වා සිසුන් ඇතුලත් කිරිම සම්බන්ධ වර්ධන හා පරිහානි තත්ව වගු ගත කිරිම.

මෙම තත්ත්වය නිසා අද වන විට පාසල ගැටළු රාශියකට මුහුන දී ඇත. විශේෂයෙන්ම ළමුන් ජනප්‍රිය පාසල් කරා යොමු කිරී‍ම මත රත්මල්ගහවැව හා කහටගස්දිගිලය වැනි නගරාශ්‍රිත පාසල් සදහා යොමු කිරීමට බොහෝ දෙමාපියන් උත්සුක වී ඇත.

මෙම තත්ත්වය මග හරවා ගැණිම සදහා පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මේ සදහා නව යෝජනා රාශ්‍රියක් ඉදිරිපත් කරනු ලබයි. තවද 2013 වර්ශයේ ප්‍රාථමික පාසල් ද්විතීක පාසල් බවට පත්කිරිමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනයට ලක්වු පාසල වශයෙන් මෙම පාසල හැදින්විය හැකිය.


පාසල ජනප්‍රිය පාසලක් බවට පත් කිරිමට ඉදිරිපත් කරන යෝඡනා

  • ආකල්ප සංවර්ධන වැඩමුළුව

මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාලය පිළිබඳ දෙමාපියන් ගම්මුන් තුළ අයහපත් මානසිකත්වයක් පවතින බව මෙම සමික්ෂණය සිදු කිරිමේදි පැහැදිලි විය. මෙම විද්‍යාලය පිළිබඳ මුල්බැස ඇති ගැටළු හදුනා ගෙන එ සඳහා සුදුසු යෝඡනා ඉදිරිපත් කර හැක. තවද ආකල්ප සංවර්ධන වැඩමුළුවක් පැවැත්විම තුලින් දෙමාපියන් ගම්මුන් තුළ පාසල පිළිබඳ ඇති ආකල්පය හදුනා ගත හැක.මෙම ආකල්ප සංවර්ධන වැඩමුළුව සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින්,ග්‍රාම නිලධාරි,සමෘද්ධි සංවර්ධන නිලධාරි,යන නිලධාරින්ගේ පුර්ණ සහභාගිත්වය අපේක්ෂා කරයි.


  • ගුරු මණ්ඩල ස්ථාන මාරු විම් වලක්වාලිම.
දෙමාපියන් ගම්මුන් සමග සාකච්ඡා කිරිමේදි පැහැදිලි වුයේ හදිසි ස්ථාන මාරුව්ම් මෙම පාසල තුල නිරන්තරවම සිදු වන බවත් එම තත්වය නිසා ලමුන්ගේ අධ්‍යාපනය සම්බන්ධව ගැටළු හට ගන්නා බවත්ය.මෙම ගැටළුව සදහා ඇති විසදුම වන්නේ වසර මුලදිම ගලෙන්බිදුනුවැව කලාප අධ්‍යාපන කාර්යාලය සමඟ මෙම පාසලේ දැනට සිටින ගුරු මණ්ඩලය පිලිබඳ තිරණ හා ඔවුන් එම වසර තුල ස්ථාන මාරු ‍සිදු නොවිය යුතු බවට නිගමන වලට එලඹිම.

  • ප්‍රධාන විෂයයන් සදහා ගුරුවරු ලබා ගැනිම
ප්‍රධාන විෂයයන් එනම් ගණිතය, විද්‍යාව , ඉංග්‍රිසි, හා ශිෂ්‍යත්ව පුහුණු ගුරුවරු ගලෙන්බිදුනුවැව කලාප අධ්‍යාපන කාර්යාල‍යෙන් ඉල්ලුම් කිරිම සිදු කිරිම.

  • ගම් මට්ටමෙන් ඇති සමිති සංවිධාන ,සමෘද්ධි රැස්විම් දැනුවත් කිරිම

ගම් මට්ටමෙන් ඇති සමිති සංවිධාන එනම් මරණාධාර සමිති,සමෘද්ධි සමිති තුළින් ගමේ පාසලේ ඇති වැදගත්කම,ශිෂ්ට සම්පන්න හැදියාව,පාසල කරා ලඟා විමේ ඇති පහසුව ,නිදහසේ අධ්‍යාපනය ලැබිමේ පහසුව ආදිය පිළිබද දැනුවත් කිරිම තුලින් පාසලේ වටිනාකම එත්තු ගැන්විම.
  • පෝෂිත ප්‍රදේශයේ සිසුන් පාසලට බඳවා ගැනිම


මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාල‍යේ ‍පෝෂිත ප්‍රදේශ වන්නේ මහකුඹුක්වැව, කදුරුගස්කඩ ,ගෝනමැරුවැව යන ගම්ය. එම ගම් වල සිටින සිසුන් පාසලට බඳවා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර යුතුයි. අවට ඡනප්‍රිය පාසල් ලෙස සලකන රත්මල්ගහවැව විද්‍යාලය, කහටගස්දිගිලිය විද්‍යාලය ආදි පාසල් වල විදුහල්පතිවරු සමඟ සුහඳ හෝ එසේ නැතිනම් ගලෙන්බිදුනුවැව කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් ලිඛිත නියෝගයක් එම පාසල්වලට යැවිම තුලින් පෝෂිත ප්‍රදේශයේ සිසුන් මහකුඹුක්වැව කණිෂ්ඨ විද්‍යාල‍යට බඳවා ගැනිමට කටයුතු සිදු කිරිම. 

*දේශපාලන මැදිහත් විම් අවම කිරිම 

නගරයේ ඡනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුලත් කිරිම සම්බන්ධ ව ඇති දේශපාලන මැදිහත් විම් හා දේශපාලන අධිකාරි බලය ඉහළ මට්ටමක පැවතිම නව ප්‍රවණතාවයකි. එ සදහා වගකිය යුතු දේශපාලන පාර්ශව දැනුවත් කර ඊට අදාල විධිවිධාන යෙදිය යුතුයි.

*පාසලේ යටිතල පහසුකම්, නුතන තාක්ෂණික ක්‍රම හදුන්වා දිම

පාසලේ යටිතල පහසුකම් එනම් වැසිකිළි පහසුකම් , ගුරු නිවාසය,කාර්යාල කාමරයක්, පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරිම හා එ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතුයි. එසේම පාසල සඳහා නව ඡල යෝඡනා ක්‍රමයකද අවශ්‍යතාවය පවති.

නුතන තාක්ෂණික ක්‍රම යටතට පරිගණක පහසුකම් ග්‍රාමිය සිසුන්ට ද ලබා දිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම වැදගත් වේ. මේ සදහා දැනට අප ග්‍රාමයේ ඇති එනමුත් අක්‍ර්‍රියව පවතින නැනැසල මධ්‍යස්ථානය පාසල් භූමිය තුල ස්ථාපනය කිරිම.


පාසල් ප්‍රඡාව යෝඡනා කරන කරුණු
  • පෙර පාසල් මට්ටමෙන් සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරිම තුලින් ඔවුන් තුළ පාසල පිළිබඳව මුල්බැස ඇති ආකල්ප හදුනාගෙන ආකල්ප සංවර්ධනයට අදාල ක්‍රියාමාර්ග ගැනිම.
  • ගම් මට්ටමෙන් සමෘද්ධි/මරණාධාර සමිති වලට සහභාගි වීම තුලින් ගම්මුන් තුළ එම විදුහල පිළිබඳ ඇති වී ඇති ආකල්ප/ගැටළු හදුනාගෙන පාසල පිළිබඳ යහපත් මානසිකත්වයක් ඇති කිරිම.
  • ගුරු ස්ථාන මාරු විම් සම්බන්ධව කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යක්ෂ සමඟ වසර මුලඳිම තීරණ වලට එලඹිම.
  • පෝෂිත ප්‍රදේශයට අයත් සිසුන් එම පාසල කරා ගෙන්වා ගැනීම සඳහා අවට ඡනප්‍රිය පාසල් වල විදුහල්පතින්ට ලිඛිත නියෝගයක් (එනම් පෝෂිත ප්‍රදේශයට අයත් සිසුන් පමණක් බඳවා ගන්නා ලෙස )දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය/කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් යැවිමට අවශ්‍ය විධිවිධාන ගැනීම
  • පාසල්වලට සිසුන් ඇතුලත් කිරිම සම්බන්ධ ව ඇති දේශපාලන මැදිහත්විම් අවම කිරිම.
  • සිසුන් 50 ට වඩා අඩු ප්‍රාථමික පාසල සංවර්ධනය කර එම පාසලට නිසි ස්ථානයක් ලබා දීම.
  • පාසලේ දැනට සේවය කරන ගුරුවරු ඵලදායිව හා කාර්යක්ෂම ලෙස සේවයේ යෙදවීම.
  • පාසල් පෝෂිත ප්‍රදේශයේ සිටින සිසුන් එම පාසලටම බඳවා ගැනීමට උත්සහයක් දැරීම.
  • පාසලේ දැනට පවතින සම්පත් වලින් නිසි ප්‍රයෝඡන ගැනීම( යටිතල පහසුකම්, ගොඩනැඟිලි,ක්‍රීඩා උපකරණ , ක්‍රීඩා පිට්ටනිය ආදිය).
  • පාසල් සංවර්ධනය තුලින් මහකුඹුක්වැව ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපනය ,ආකල්ප හා කුසලතා සංවර්ධනය, විචාරශිලි චින්තනය, නිර්මාණශිලිත්වය දියුණුකර ගැනීම සඳහා මඟ පෙන්වීම.
  • පාසල් පෝෂිත ප්‍රදේශයේ සිටින ඡනතාවට පාසල එම ප්‍රදේශයේම ස්ථාන ගත වීම තුලින් ඇති වී ඇති වාසිය හා දෙමාපියන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා සහාය වීම.
  • සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම තුළින් එම ප්‍රදේශයේ අධ්‍යාත්මික සංවර්ධනය රුකුලක් වීම.


    මෙම ගැටළු මධ්‍යයේ උවද අද වන විට නව විදුහල්පතිතුමා වන ජී.වීරසේකර මහතා සමග ආචාර්ය මණ්ඩලය විසින් මහත් උත්යෝගයෙන් හා උනන්දුවෙන් කටයුතු කරනු ලබයි. තවද පාසල් කාලයෙන් අනතුරැව දරැවන්ගෙු අධ්‍යාපනය ඉහල නැන්වීම අරමුණු කොටගෙන උපකාර පංති පවත්වනු ලබන්නේ කිසිදු අයකිරීමක් නොමැතිවය.





















 

No comments:

Post a Comment